Tuesday, May 16, 2017

• Ransomware රැන්සම්වෙයා පරිගණක වෛරසය 1

රැන්සම්වෙයා පරිගණක වෛරසය ගැන දැනගමු.


Ransomware කියන්නේ මේ දවස්වල ලෝකේ පුරාම විවිධ රටවල්වල කතා වෙන මාතෘකාවක්.

 මොකද්ද මේ වයිරස් එක

                               මින් සිදුවන බලපෑම කොහොමද .









Ransomware කියන වෛරස් එක හදලා තියෙන්නේ අපේ වැදගත් ෆයිල්ස්Automatically Encrypt වෙන විදියට. සමාන්යයෙන් Files Encrypt කරන්නේ ෆයිල් එකේ ආරක්ෂාව වැඩි වෙන්න. අපි File එකක් Encrypt කරාට පස්සේ ඒක නැවතත් යථා තත්වයට අරගෙන පාවිච්චියට ගන්න නම් අපිට Encrypt එකට අදාළ Decryption Key එක අවශ් වෙනවා. නමුත් මේ "Ransomware" කියන වෛරස් එක අපේ පරිගණකයකට ආසාධනය වුනොත්, අපට නොදැනුවත්ව අපේ Files ඉතාමත් වේගයෙන් ස්වංක්රීයව Encrypt වීගෙන යනවා, නමුත් නැවතත්  Files යථා තත්වයට පත්කරගැනීමට අවශ්යවෙන Decryption Keyඑක අපේ අතට ලැබෙන්නේ නැහැ, වෙනුවට  Decryption Key අදාළRansomware එක නිර්මාණය කළ පුද්ගලයා (Hacker) අතට තමයි යන්නේ. 😳 ඊට පස්සේ අපේ අර Files ටික නැවත ලබාගැනීමට අවශ්යනම් අපට සිද්ධවෙනවා අදාළ වෛරස් එක නිර්මාණය කරපු කෙනාට කප්පම් මුදල් ලබාදෙන්න.


පැය 6ක් වගේ කාලයක් ඇතුලත අපි මුදල් ලබාදීලා අපේ දත්ත ටික යථාතත්වයට පත් කරගත්තේ නැතොත් අපේ Files ටික නැවත අරගන්න බැරි විදියට Permanent Delete වෙලා යනවා. 😲 සරලව Ransomware එකක ක්රියාකාරීත්වය තමයි ඔය විදිය.

No comments:

Post a Comment